අංක 18 බිංගයේ අභිරහස😱😱🙄😱😱






අංක 18 බිංගයේ අභිරහස😱😱🙄😱😱


කියවන්නම ඕනේ ලිපියක්🎀🍀💖🌹🌱🌷🍀


🚆🚆 අංක 1006 දරන දුම්රිය 😌 


   😍උඩරට මාර්ගයේ සුවිශේෂ බිංගෙයක් වන අංක 18 බිංගෙය හරහා පට්ටිපොල බලා 😘 

හැමෝද දකින දන්න රූප පෙලක් වෙනස් කෝණයකින්❤️🤗 

         

              ❤️🤗🌏 රියදුරු ඇසින්..🤗👣🌍


❎ අත්භූත, ගුප්ත සිදුවීම් රැසක් සඟවාගෙන සිටින පට්ටිපොල  අංක 18 දුම්රිය  බිම්ගෙය .❎


උඩරට දුම්රිය මාර්ගයේ පට්ටිපොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර  පිහිටා ඇති අංක 18  දුම්රිය බිංගෙය දුම්රිය ඉතිහාසයම කැළඹීමට සමත් වූ දුම්රිය බිංගෙයක්.  ඒ හා ගෙතුණු ජනප්‍රවාද කතා මෙන්ම අදටත් සිදුවන, කතාබහ වන සමහර අභිරහස්, ගුප්ත සිදුවීම් එයට සාක්ෂි දරණවා.දුම්රිය ඉතිහාසය තුල අංක 18 බිංගය තරම් පුවත් මැචූ බිංගයක් නැති තරම්.


අනෙක් දුම්රිය බිංගෙවල් හා සැසදීමේදි මෙම බිංගෙය විශේෂ වන්නට හේතූ කීපයක්ම තියනවා . 


ඒ හේතු ලෙස 


🔴 මෙම අංක 18 බිංගෙයින් පළාත් දෙකක් වෙන් කරනු ලබනවා. ඒ බිංගයේ පට්ටිපොල අන්තයෙන් මධ්‍යම පළාතත්,  ඔහිය අන්තයෙන් ඌව පළාතත්.


🔴 ඊළග කරුණ ලෙස මෙම අංක 18 බිංගෙය විසින් දිස්ත්‍රික්ක දෙකක් වෙන් කරනු ලබනවා . ඒ නුවරඑළිය දිස්ත්‍රික්ක සහ බදුල්ල දිස්ත්‍රික්කය.


🔴 මීට අමතරව මෙම අංක 18 දුම්රිය බිංගෙය විසින් දෙවිවරුන්ගේ අඩවි දෙකක් වෙන් කරන බවටද සඳහන් වනවා .ඒ සමන් දෙව් අඩවියත් කතරගම දෙවියන්ගෙ අඩවියත් 


🔴 තවද මෙම 18 බිංගය විසින් දේශගුණික කලාප දෙකක්ද වෙන් කරනු ලබනවා .ඒ කඳුකර වියලි කලාපයත් , කඳුකර ශීත කලාපයත් වෙන් කරනු ලබනවා .


මේ බිම්ගෙය හරහා යන ඕනම කෙනෙක් හට ඉහත කී කරුණු සනාථ කරගැනීමට අවශ්‍ය සාක්ෂි සියැසින්ම දැකගත හැකි වනවා .එනම් බිංගයට පට්ටිපොල අන්තයෙන් ඇතුල්වීමේදී ඒ ප්‍රදේශයේ ඇති කාලගුණයත්, අනෙක් අන්තයෙන් පිටවන විට ඒ ප්‍රදේශයේ කාලගුණයත් එකිනෙකට වෙනස් කාලගුණික ලක්ෂණ දැකගත හැකිවේ.


🔴 18 බිංගෙය හා සම්බන්ධ අභිරහස් , ගුප්ත සිදුවීම් .


මේ ප්‍රධාන කරුණු හැරුණ කොට මෙම අංක 18  බිංගය ආශ්‍රිතව අත්භූත සිදුවීම් කිහිපයක්ම සිදුවූ බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ මහත්වරුන්ම සාක්ෂි දරණ අවස්ථා ඇත. මෙම බිංගය ඉදි කිරීමේදී සිදුවූ අත්භූත සිදුවීම් සහ අනතුරු රාශියක් ගැනම අසන්නට ලැබේ.  අත්භූත සිදුවීම් වලින්ම පමණක් නොව බිංගය තුල සිදුවන අනතුරු නිසාද මෙම බිංගය ඉතා ප්‍රසිද්ධියක් උසුලයි. කිහිප විටක්ම දුම්රිය බිංගය තුලට පස්කඳු සහ ගල් කඩා වැටී මාර්ගය අවහිර වූ අවස්ථා මෙන්ම බිංගය අසල ඇති ගල් කොටසක දුම්රිය මගීන් වැදී මිය ගිය අවස්ථාද අසන්නට ලැබේ. 


පසු කලෙක එම ගල් කොටස් කඩා ඉවත් කර දැමූ අතර  එම හේතුව නිසාම මෙම බිංගෙය තුලට ජලය ගලා ඒමක් සිදුවිය. ඒ හේතුවෙන් වර්ෂාව ඇති කාලවල බිංගෙය තුලට ජලය රැස්වීම හේතුවෙන් දුම්රිය ධාවනය ඇණි හිටි අවස්ථාද  ඇත.  පට්ටිපොලින් එහාට ඔහිය දෙසට එසේ දුම්රිය ධාවනය ඇණහිටීම නිසාම එකල දුම්රිය ධාවනය පට්ටිපොලට පමණක් සීමා විය . එකල භාවිත කල ගල් අඟුරු එන්ජින් හැරවීමට පට්ටිපොල ත්‍රිකෝණාකාර දුම්රිය මාර්ගයක් සකස් වීමට හේතුවක් ලෙස මෙම බිංගෙය නිසා දුම්රිය ගමන් පට්ටිපොලට සීමා වීම බලපෑ බවද සඳහන් වේ.


බිංගෙය තුලට ජලය ගලා ඒම නිසා සිදුවූ ගැටලු සඳහා පිළියමක් සෙවූ නිළධාරින් එයට කොන්ක්‍රීට් යොදාගෙන ජල කාන්දුව මැඩපැවැත්වෙන සේ ආරුක්කුවක් නිර්මාණය කලේය.  එය මල්ඵල ගැන්වෙමින් ජලකාන්දුව නතරවී බිංගෙය තුලට ජලය ගලාඒමද සාර්ථක ලෙස නතරවිය. නමුත් එයින්ද වැඩි කලක් අස්වැසිල්ලක් ලබන්නට දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරින්ට අවස්ථාව ලැබුනේ නැත. කලින් තිබු ගල් පර්වත කොටසට වඩා ප්‍රමාණයක් අලුතෙන් තැනූ කොන්ක්‍රීට් ආරුක්කුව බිංගෙය තුලට වන්නට නෙරා තිබූ නිසා නිතරම පාහේ දුම්රියේ ගමන් කරන මගීන් එහි වැදී මරණයට පත්වන්නට විය. එය දුම්රිය මගීන්ට මරු කපොල්ලක් විය.මේ හේතුවෙන් සමහර දුම්රිය ස්ථාන වල මේ බිංගෙය ගැන මගීන්වෙත විශේෂයෙන්ම නිවේදනය කරන්නට පවා සිදුවිය.


අනතුරුව උද්ගතවූ මේ ගැටලුව සඳහා සාර්ථක සහ ස්ථීර පිළියමක් සොයන්නට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවිය. එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ සිටි අති දක්ෂ ඉන්ජිනේරුවකු වන ප්‍රියාල් ද සිල්වා මහතා හට  මේ බිංගෙයට පිළියමක් කිරීමේ වගකීම පැවරිණි. ඔහුගේ සැලැස්ම වූයේ කලින් ඉදිකරන ලද කොන්ක්‍රීට් ආරුක්කු සම්පූර්ණයෙන්ම ඉවත් කර බිංගෙහි ඇති අැතුලත බිත්ති වලට කොන්ක්‍රීට් සාන්ද්‍රනයක් අධික පීඩනයක් යටතේ ඇතුල් කිරීමයි. කෙසේ වෙතත් මෙම ස්ථානය අත්භූත ,ගුප්ත සහ අභිරහස් සිදුවීම් ඇති තැනක් බව දුම්රිය සේවකයින් හොඳහැටි දන්නා කරුණක් සහ එකල ප්‍රසිද්ධ රහසකි. ඒ හේතුව නිසාම මෙම බිංගෙය අලුත්වැඩියා කිරීමේ කටයුතු පැවරුණු මාර්ග නඩත්තු අංශයේ සේවකයින් එහි සේවය කිරීමටද වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. අංක 18  බිංගෙය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කොට නොබෝ වේලාවකින් එහි රාජකාරි කල සේවකයෙකු අහඹු ලෙස අනතුරකට ලක්වී බරපතල  තුවාල ලැබීම හේතුවෙන්   එහි සේවය කල සේවකයන්  එහි කටයුතු කිරීමට අකමැත්තක් දැක්විය.


එලෙසින් බිංගෙයේ වැඩ අතරමඟ නැවතීම හේතුවෙන් මේ සඳහා පිළියමක් සෙවූ ඉන්ජිනේරු මහතාට දැකගත හැකිවූයේ බිංගෙයේ එක කෙලවරක එනම් පට්ටිපොල අන්තයෙන් බිංගෙය ආරම්භ වන ස්ථානයේම පිහිටා තිබූ ඉතා පැරණි  වල් බිහිවී නටඹුන් වූ දේවාලයක්. සිදුවී ඇති දේවල් වටහා ගත් ඉන්ජිනේරු මහතා තම සේවක පිරිසද කැටුව  ගොස් මෙම බිංගෙය නැවත සකස් කිරීමේ කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට අවසර ඉල්ලා බාරයක් විය. පසුව හාස්කමක් මෙන් මෙම බිංගෙය නැවත අලුතෙන් සකස් කිරීමේ කටයුතු කිසිම අනතුරක් සිදු නොවී නියමාකාරයෙන්  සාර්ථකව අවසන් කිරීමට හැකිවිය.


අනතුරුව මෙම බාරය ඉෂ්ඨ කිරීමක් වශයෙන් මෙම වල් බිහිවී , නටඹුන් වී ගිය දේවාලය නැවත අලුත්වැඩියා කොට ප්‍රතිසංස්කරණ කොට අලුතෙන්ම බුදුමැදුරක්ද ඉදි කරන ලදි. අදටත්  ඔබට පට්ටිපොල දුම්රිය ස්ථානය පසුකොට කිලෝමීටර් 3-4ක්  පමණ යනවිට අංක 18ට බිංගෙයට පෙර මෙම දේවාලය දැකගත හැකිවේ. එමෙන්ම  අදටත් බොහෝමයක් දුම්රිය රියදුරු මහත්වරුන් , නියාමක මහත්වරුන්  මෙම දේවාලය අසලින් දුම්රිය ධාවනය වනවිට තම අසුන්වලින් නැගිට එයට ගෞරවය දක්වන බවද සඳහන් කලයුතු වේ.


ඒ වගේම අදටත් සමහර අවස්ථාවල මෙම අංක 18  බිංගෙය තුල අත්භූත සිදුවීම් සිදුවන බවටද සඳහන් වේ. එනම් සුදු පැහැති ගෝනෙකු දුම්රිය මඟ දිගේ ගොස් අතුරුදහන් වන අයුරු සහ  වයෝවෘද්ධ මහල්ලෙකු බිංගෙය තුලට ඇතුලු වී අතුරුදහන් වන අයුරුත් සමහර අවස්ථාවල දුම්රිය රියදුරු මහත්වරුන් දැක ඇති බව සඳහන් වේ. මෙහි කතාව , සහ එම ඉන්ජිනේරු මහතාගේ නම සඳහන් කරමින් විස්තර අඩංගු විශාල පුවරු දෙකක් මෙම අංක 18  බිංගෙයෙහි අන්ත දෙකෙන්ම පිහිටවා තිබීමද දකගත හැකිවේ.


සටහන : ශශින් විජේතුංග

Video     : මුල් හිමිකරු සතුයි(P.Samitha) 

Comments

Popular posts from this blog

හොල්මන්

The origin, transmission and clinical therapies on coronavirus disease 2019 (COVID-19) outbreak – an update on the status