ඇත්තම නාගදීපය පිහිටියේ කොහෙද ?
නාගදීප පුරාණ රාජමහා විහාරය
මා විසින් ආගම පිළිබඳව මානව විද්‍යාව විෂය ඒකකය යටතේ ලබාදුන් පැවරුමට අනුව ප්‍රදේශයේ ආගමික ස්ථානයක් පිළිබඳව වාර්තාවක් සැකසීමට කටයුතු කළෙමු.ඒ අනුව අප ප්‍රදේශය වන මහියංගන ප්‍රදේශයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන පුරාණ රාජමහා විහාරස්ථානයක් වන නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානය තෝරා ගන්නා ලදී.පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් අනූන වූ මෙම සිද්ධස්ථානය නිවැරදි පුරාවිද්‍යාත්මක අධ්‍යයනයකට භාජනය නොවූවද ප්‍රදේශවාසි ජනතාවගේ හා විහාරාධිකාරී ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයන්ට අනුව හා පුද්ගලයන් තුළ අසන්නට ලැබෙන මත වාද හේතුවෙන් කා හටත් මෙම සිද්ධස්ථානය පිළිබඳව කුතුහලයක් දනවන කරුණු රාශියක් දැකගත හැකිය.එමෙන්ම බුදුන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව බොහෝ පිළිගැනීමට ලක්වන්නේ යාපනයෙ නයිනතිව් ප්‍රදේශයට වැඩම කළ බවයි.නමුත් මෙම රිදීමාලියද්ද ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සිද්ධස්ථානය හා බැඳී මතවාදයන්ට අනුව බුදුන්වහන්සේගේ ලංකා ගමනය මේ පුණ්‍ය භූමියේ සිදුවූ බව යම්කිසි පිළිගැනීමකට ලක් වේ.පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් යුත් ඉපැරණි සෑයන් දෙකක් හා අනුරාධපුර යුගයටත් පෙර යුගයට අයත් යැයි සැලකෙන කැටයම් රහිත සඳකඩ පහනක් මෙන් ම සෙල්ලිපියක් හා ටැම් ලිපියක් දැකගත හැකිය.
කන්ද උඩරට රාජ්‍යය
පැවති සමයේ හෙළයේ අන්තිම රජු හා එවකට පාලන තන්ත්‍රයේ සිටි නිලධාරීන් සමග ඉංග්‍රීසි
ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව ද එම හමුදාවන් විසින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන
වැනසීම අත්නොහැරියේය.රජු ඉංග්‍රීසීන් විසින් අල්ලාගත් පසු
අන්තිමට ඉතිරි වී සිටියේ එවකට ඌව දිසාව බාරව සිටි රටේ රාළ නමින් හැඳින්වූ
කිවුලේගෙදර මොහොට්ටාල නැමැති විරුවා ය.බිබිලේ මැදගම දී
ඇති ඇතිවූ සිංහල මුස්ලිම් කෝලාහලයෙන් දී ඉංග්‍රීසි යුද හමුදාව සමඟ මුහුණට මුහුණ
මුහුණලා දරුණු සටනක් කළ එම විරුවා පස්සර බඩල්කුඹුර කඳු
අතරේදී කළ සටනේදී ඉංග්‍රීසි හමුදාව සමූල ඝාතනය කරන ලදී.
මෙම සටනට එවකට
මහියංගන ප්‍රදේශයේ පදිංචිව සිටි වැදි ජනතාවගෙන් අගනා සේවයක් ලැබුණි.මෙය ඉංග්‍රීසීන් හට
ඉවසාගත නොහැකි පරාජයක් වූයෙන් මුළු ඌව වෙල්ලස්සේ ම පදිංචිව සිටි ජනතාවගෙන් පලි
ගන්නා ලදී.එහිදී වයස අවුරුදු දාහතෙන් ඉහළ සියලුම දරුවන් මරා
දමා මුලු ගම් නියම් ගම් ගිරි තැබූහ.එපමණක් නොව
සිංහලයන්ගේ වැඳුම් පිදුම්වලට ලක් වන වෙහෙර විහාරස්ථාන
පොළවට සමතලා කරන ලදී.මහා සංඝරත්නය ඝාතනය කළහ
සිංහල ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සඳහා අපමණ මෙහෙයක් කළ ගවයින්
මරා දමා ඔවුන්ගේ දවසේම ආහාරය සඳහා ගවයින් යොදා ගන්නා ලදී.කෘෂිකාර්මික
දිවියක් ගත කළ ඌව වෙල්ලස්සේ ජනතාවට
තම ජීවිතය තරම් වටිනා වූ වැව් අමුණු
බොහෝමයක් කඩා දමා කෘෂිකාර්මික
කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල
කරන ලදී.එපමණක් නොව ඔවුන්ගේ ගොවිතැන්
පාලු කර ගිනිබත් කළේය.එමෙන්ම ඔවුන්
ගොවිතැන් කිරීම වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කරමින් ගොවිතැන් කිරීම මරණ දඬුවම
ලැබිය හැකි වරදක් ලෙස සැලකිය.මෙම ව්‍යසනයෙන්
බේරුණු ජනතාව කඳු අතරේ සැඟවී සිට තම ගොවිතැන් බත්
පාළු වීම නිසාවෙන් දැඩි සාගින්න කට ගොදුරු විය.ඒ අනුව සටන් මෙහෙය
වීමට නායකයෙක් නොමැතිවීම හේතුවෙන් එම සටන අත්හැරනි.කිවුලේගෙදර මොහොට්ටාල සැඟවී
සිටි සටන් මෙහෙය වූයේ මෙම නාගදීප පුදබිම ආසන්නයේ ඇති රිදීමාලියද්ද ප්‍රදේශයේ තිබූ
කඳු අතරේ සිටය.ඒ නිසාවෙන් නාගදීප පුදබිම ද
ඉංග්‍රීසීන්ගේ විහාර විනාසයට
ගොදුරු විය.ඉන්පසු වල්බිහිව කැලෑ පෙදෙසක් වූ මෙම විහාර
සංකීර්ණය වර්තමානයේ ඇති තත්වයට පත්වී
ඇත්තේ එම ප්‍රදේශයේ ඇති වූ සටන් හේතුකොටගෙන බව
හඳුනාගත හැකිය.
බොහෝ පුරාවිද්‍යාත්මක
සාධක ඇසට පෙනීමට තිබුණද නිවැරදි පුරා විද්‍යාත්මක
අධ්‍යයනයකින් තොරව එම සිද්ධස්ථානය හා
බැඳි ඓතිහාසික පසුබිම විවරණය කළ නොහැකිය.එමෙන්ම බෞද්ධ
පූජකයන්ගේ වන්දනීයත්වයට පත්වූ මෙම සිද්ධස්ථානය තුළ ඇති ඓතිහාසිකත්වය පිළිබඳව රටට හෙළි කිරීමට
යම්කිසි සැලකිය යුතු පාලකයකුගේ නැත යොමුවී නැත.එමෙන් ම පුරාවිද්‍යාත්මක
කැණීම් කර වැළලී ගොස් ඇති හෙළයාගේ ඓතිහාසික තොරතුරු රටටම හෙළි කර දීම කරදීම සඳහා
ඓතිහාසික වශයෙන් වැදගත් වන පුරාවිද්‍යාත්මක
නවාතැන ලෙස මෙම නාගදීප පුරාණ රාජ මහා රාජමහා විහාරස්ථානය හඳුනාගත හැකිය.
එමෙන්ම මෙම ප්‍රදේශයේ
ප්‍රදේශවාසීන්ගේ මතවාදයන් හා ආගමික
විශ්වාසයන් සහ මිථ්‍යා විශ්වාසයන්
දෙස අවධානය යොමු කිරීමේදී මෙම සිද්ධස්ථානය
පිළිබඳව අසන බොහෝ දෙනාට ඇති වන්නේද කුතුහලයකි ඒ අනුව මා විසින්
මෙම සිද්ධස්ථානය පිළිබඳව සොයා ගත් බොහෝ කරුණු මෙම වාර්තාව තුළ
අන්තර්ගත කොට ඇත.
ඓතිහාසික නාගදීප
පුරාණ රාජමහා විහාරය පිළිබඳව තොරතුරු රාශියක් මෙම අධ්‍යයනය තුළදී දැන ගැනීමට හැකි
විය.එහිදී විහාරාධිකාරී ගරු බේරුවල ධම්මරතන හිමි සමග සිදුකළ සාකච්ඡාවේදී නාගදීප
විහාරයේ ඓතිහාසිකත්වය හා විහාරයේ ආරම්භය මෙන්ම මෙම විහාරස්ථානය පෙර පැවති තත්ත්වය
සහ විහාරස්ථානය වර්තමානය දක්වා පිළිබඳව
තොරතුරු රාශියක් දැන ගැනීමට හැකිය විය.විශාල වැව් අමුණු වලින් වටවූ තිබු ප්‍රදේශයක්
වන මෙම ප්‍රදේශය විවිධ වූ යුද ගැටුම් හේතුවෙන් විනාශයට පත් වී වර්තමානයේ පවතින තත්වයට පැමිණ ඇත.එමෙන්ම
අතීතයේ සිටම බොහෝ බෞද්ධ ශ්‍රාවකයන්ගේ වන්දනීය ගෞරවාදරයට පත් වූ ස්ථානයක් ලෙස මෙම
නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය සැලකිය හැකිය.
එමෙන්ම මෙම පුරාණ
රජමහා විහාරස්ථානය පිලිබද සිදු කළ අධ්‍යයනයේ දී
එය හා බැඳී විශ්වාස හා ඇදහිලි බොහොමයක් හඳුනාගත හැකිය.ප්‍රදේශවාසීන්ගේ බොහෝ
විශ්වාසයක් වන මෙම නාගදීප පුණ්‍යභූමිය
කිසියම් ආකාරයේ අතුරු ආන්තරාවක් සිදුවන අවස්ථාවන්හිදී නාගයන් විසින් මෙම ප්‍රදේශය
ආරක්ෂා කරන බවත් කිසියම් වූ අද්භූත බලවේගයන් තුළින් විහාරස්ථානය ආරක්ෂා කිරීමට
කටයුතු කරන බවත් මෙම අධ්‍යයනය තුළදී බොහෝ ප්‍රදේශ වාසීන්ගේ මතවාදයන් අනුව පැහැදිලි
වේ.ඒ අනුව ප්‍රදේශවාසීන්ගේ අභිචාරාත්මක
ඇදහිලි පිළිබඳව බොහෝ කරුණු රාශියක් උකහා ගැනීමට මෙම අධ්‍යයනය තුළදී හැකි
විය.
එමෙන්ම මෙම නාගදීප
පුරාණ රාජමහා විහාරස්ථානය පිළිබඳව සිදු පිළිබඳව සිදු කරනු ලබන අධ්‍යයනයේ දී එහි ඓතිහාසිකත්වය සහ පුරාවිද්‍යාත්මක වටිනාකම
මෙන්ම විහාරස්ථානය හා බැඳී ග්‍රාමීය
වශයෙන් දැකගත හැකි සංස්කෘතිය පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකිවීමෙන් තවත් බොහෝ
පිරිසකට මෙම විහාරස්ථානය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව මෙම අධ්‍යයනය
තුළින් ලැබිය. එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ විහාරස්ථානයක් වුවද එහි ඇති
ඓතිහාසිකත්වය හා පුරාවිද්‍යාත්මක වටිනාකම සහ හෙළයාගේ ඉතිහාසය පිළිබඳව ලෝකයට
අනාවරණය කිරීමට පිටුවහලක් වීමට මෙම අධ්‍යයනය වැදගත් වේ.
එමෙන්ම බොහෝ
පිරිසකට මෙම සිද්ධස්ථානය පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති අතර ශ්‍රී ලංකාව තුළ
නාගදීපයේ ලෙස පිළිගැනීමට ලක්වන්නේ යාපනය ප්‍රදේශයේ ඇති නයිනතිව් නැමැති ප්‍රදේශයේ
ඇති නාගදීප විහාරස්ථානයයි.නමුත් මෙම රිදීමාලියද්ද ප්‍රදේශයේ ඇති මෙම නාගදීප පුරාණ
රාජමහා විහාරස්ථානය පිළිබඳව නිවැරදි අවබෝධයක් බොහෝ පිරිසක් තුළ නොමැත.එහෙයින් මෙම
අධ්‍යයනයේ දී ලබා ගන්නා කරුණු ඇසුරෙන් ඉදිරිපත් කරනු ලබන වාර්තාව තුළින් මෙම
විහාරස්ථානය පිළිබඳව යම්කිසි අවබෝධයක් බොහෝ පිරිසකට ලබා ගත හැකිය.
එමෙන්ම මෙම
විහාරස්ථානය පිළිබඳව කරනු ලබන මානව විද්‍යාත්මක අධ්‍යයනයේ දී විහාරස්ථානය හා බැඳී
බැඳි සිරිත් විරිත් මෙන්ම පුද පූජා ක්‍රම හා උත්සව අවස්ථා මෙන්ම විවිධ ඇදහිලි
විශ්වාස පිළිබඳව දැනගැනීමට ලැබීම හා ප්‍රදේශවාසීන්ගේ
මෙම රාජමහා විහාරස්ථානය ආරක්ෂා කිරීමට
කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳව දැන ගැනීමට හැකියාව ලැබේ.එමෙන්ම මෙම පුරාණ රාජමහා
විහාරස්ථානය පිළිබඳ ප්‍රදේශවාසීන් බොහෝවිට ඔවුන් දන්නා කරුණු රහසිගතව පවත්වාගෙන
යාමට කටයුතු කරනු ලබයි.
එමෙන්ම මෙම
පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් යුත් මෙම විහාරස්ථානයේ පෞරාණික ඉතිහාසයේ පිළිබඳව
අධ්‍යයනය කිරීම තුළින් අතීතයේ දී බෞද්ධ වෙහෙර විහාරස්ථාන බෞද්ධ ශ්‍රාවකයන්ගේ
වන්දනීයත්වයට පත් වූ ආකාරය සහ එකල සිටි
බොහෝ ධනවතුන් විහාරස්ථානයෙහි සහ එම ප්‍රදේශයෙහි
දියුණුව තකා තමා සතු සම්පත් නිධන් ගතකොට මතු පරපුරට ඒ ලබාගැනීමට හා වෙහෙර විහාරස්ථාන වලට එම සම්පත් පූජා කිරීමට කටයුතු
කළ ආකාරයෙන් එකල බෞද්ධ ශ්‍රාවකයන්ගේ ආගමික භක්තිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් මෙම
අධ්‍යනය මගින් ලබාගත හැකිය.
එමෙන්ම මෙම
විහාරස්ථානයේ පිළිබඳව මා නොදත් බොහෝ කරුණු රාශියක් එමෙන්ම මතවාදයක් ලෙස සැලකුණු බුදුන්වහන්සේගේ
ලංකා ගමනය පිළිබඳව ද යම් නිසි වූ කුතුහලය දනවන හේතු සාධක සහිතව ද බුදුන් වහන්සේගේ
ලංකාගමනය මෙම ප්‍රදේශයේ සිදු වූ බව මා හට ද හැඟී ගියේය.නමුත් එය පුරාවිද්‍යාත්මක
වශයෙන් සහ ඓතිහාසික වශයෙන් නම් කොට නොමැති
හෙයින් නිවැරදි ආකාරයේ පිළිගැනීමකට ලක් නොවුණු ඇත.නමුත් මෙම රිදීමාලියද්ද ප්‍රදේශයේ
බොහෝ දහම් පාසල් හා පාසල් වල නාගදීපය පිළිබඳව ඉගෙන ගැනීමේදී නාගදීප විහාරස්ථාන
දෙකක් පිළිබඳව අධ්‍යයනය කිරීමට සිදුවේ.ඒ නිසාවෙන් මෙම විහාරස්ථානය පිළිබඳව සිදු
කරනු ලැබූ අධ්‍යයනයේ දී එම විහාරස්ථානයේ පුරාණ ඓතිහාසිකත්වය හා එය හා බැඳී කලාව
මෙන්ම ග්‍රාමීය සංස්කෘතිය හා අභිචාරාත්මක ඇදහිලි පිළිබඳව බොහෝ කරුණු අවබෝධ
කරගැනීවිය එමෙන්ම . එමෙන්මඑම කරුණු බොහොමයක්ම අන් අයට ඉදිරිපත් කිරීමට හැකිවීම ද
මෙම අධ්‍යයනය තුළින් මා ලබාගත් වැදගත් අවස්ථාවකි.
Star - click සමග සම්බන්ධ වී දිනකට ඩොලර් පහක් උපයන්න.
අරමුණ
·
ප්‍රධාන අරමුණ
Ø
නාගදීප පුරාණ රාජමහා විහාරස්ථානය පිළිබඳව
මානව විද්‍යාත්මක අධ්‍යනයක් සිදු කිරීම ප්‍රධාන අරමුණ වේ.
·
සුවිශේෂී අරමුණු
Ø
නාගදීප පුරාණ රාජමහා විහාරස්ථානය පිළිබඳව
අවබෝධයක් ලබා ගැනීම.
Ø
නාගදීප පුරාණ රාජමහා විහාරස්ථානයේ
ඓතිහාසිකත්වය පිළිබඳව කරුණු දැනගැනීම.
Ø
නාගදීප පුරාණ රාජමහා විහාරස්ථානයේ ඇති
පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් යුත් නටබුන් පිළිබඳව සොයා බැලීම.
Ø
නාගදීප පුරාණ විහාරස්ථානයට නිවැරදි
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ලබාදීම.
Ø
එමෙන්ම මෙම නාගදීප පුරාණ රාජ රාජමහා
විහාරස්ථානය පිළිබඳව සැඟවී ගිය කරුණු අන් අයට ඉදිරිපත් කිරීම.
Ø
නාගදීප පුරාණ රාජමහා විහාරස්ථානය පිළිබඳව
පිළිබඳ ව සිදු කරව සිදු කරනු ලබන මානව විද්‍යාත්මක අධ්‍යයනය තුළින් ලබා ගන්නා
කරුණු ඇසුරෙන් විහාරස්ථානයට ආධාර පිණිස එහි ඇති
ඓතිහාසිකත්වය සහ ඉතිහාසය පිළිබඳව කරුණු ඇතුළත් ග්‍රන්ථයක් නිර්මාණය කිරීම.
Ø
බුදුන් වහන්සේගේ නාගදීපය හා සම්බන්ධ ලංකාගමනය පිළිබඳව නිවැරදි කතිකාවතක් ඇති කිරීම.
ක්‍රමවේදය.
නාගදීප පුරාණ රාජමහා විහාරස්ථානය පිළිබඳව සිදු
කරනු ලැබූ මානව විද්‍යාත්මක අධ්‍යයනය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දත්ත
රැස් කිරීමට පහත සඳහන් ක්‍රමවේදයන් භාවිතා කරන ලදී .
Ø
සම්මුඛ සාකච්ඡා
Ø
නිරීක්ෂණය
සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රාථමික මූලාශ්‍ර ලෙස කනාගදීප පුරාණ රාජමහා විහාරස්ථානයේ
විහාරාධිකාරි ගරු බේරුවල ධම්මරතන හිමි සමග සිදුකළ
සාකච්ඡාවේදී අධ්‍යයනයට අවශ්‍ය බොහෝ කරුණු රාශියක් දැන ගැනීමට හැකි විය.
එමෙන්ම එම ප්‍රදේශයේ උපන්දාසිට ජීවත්වන පුද්ගලයකු
ලෙස R.m ගුණසේකර මහතා සමග සිදු කළ සමඟ සාකච්ඡාවේදී නාගදීප
පුරාණ රාජමහා විහාරස්ථානය පිළිබඳව ඇති මතවාදයන් මෙන්ම ඔවුන්ගේ විශ්වාසයන් පිළිබඳව
බොහෝ කරුණු රාශියක් දැන ගැනීමට හැකි විය.
නාගදීප ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වා ගෙන යන M.A
විල්සන් පෙරේරා මහතා හා සිදුකරනු ලැබූ සමග සාකච්ඡාවේදී නාගදීප පුරාණ
රාජමහා විහාරස්ථානය පිළිබඳව බොහෝ ඓතිහාසික තොරතුරු දැන ගැනීමට හැකි විය
එමෙන්ම නාගදීප
පුරාණ රාජමහා විහාරස්ථානයට වාර්ෂිකව දානමය පිංකමක් සංවිධානය කරන A.H
ධනපාල මහතා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදී නාගදීප විහාරස්ථානය පිළිබඳ
තොරතුරු ලබා ගැනීමට හැකි විය.එමෙන්ම මා විසින් නාගදීප පුරාණ රාජමහා විහාරස්ථානයට ගොස්
නිරීක්ෂණය ක්‍රමවේදය මඟින් ලබාගත් තොරතුරු ඇසුරෙන් මෙම විහාරස්ථානය පිළිබඳව
වාර්තාව සකස් කොට ඇත.එමෙන්ම මෙම විහාරස්ථානය පිළිබඳ ද්විතීයික මූලාශ්‍රයක් ලෙස
විහාරස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබඳ හැඳින්වෙන ග්‍රන්ථයක් සහ අන්තර්ජාලය ඇසුරු කොට
ලබාගත් තොරතුරු ඇසුරෙන් මෙම වාර්තාව සකස් කොට ඇත.
අධ්‍යයන ප්‍රදේශය

කෙල නාගදීප මහා
විහාරය පිහිටියේ ඌව පළාතේ බදුල්ල දිසාවේ මහියංගණයට සැතපුම් 14 ක් පමණ දුරින්
නැගෙනහිරට බර ගිණිකොන දෙසිනි.බිබිල මහියංගණ මාර්ගයේ ගඩුගුඩාව හා ආඳාඋල්පත ආඳා
උල්පත පසුකර බිබිල දෙසට යනවිට නාගදීප වැවට යන පටු පාර හමුවේ.මේ මාර්ගයේ සැතපුම් එක
හමාරක් පමණ ගොස් වැව් කණ්ඩියේ කණ්ඩිය දිගේ එහි කෙළවර දක්වා ගිය පසු දකුණු අතට ඇති
ගුරු පාරේ තවත් සැතපුම් තුනක් පමණ වන වනගත මාර්ගයක ගමන් කිරීමෙන් මෙම පූජනීය
ස්ථානයට පැමිණිය හැකිවේ.නාගදීප වැවේ සිට මෙම පුණ්‍ය භූමිය බොහෝ දුරින් පිහිටිය ද
නාගදීප වැව් බැම්මේ සිට විහාරස්ථානය ඇසට දැකගත හැකිය.නාගදීප පුරාණ විහාරස්ථානය
සිතියමකින් පහත පරිදි දැක්වේ.
දත්ත විශ්ලේෂණය.
නාගදීපය යන වචනය
කියවෙන විට අප සිත් හි මැවෙනුයේ යාපනය දිසාවේ නයිනතිව් හි පිහිටා ඇති සුප්‍රකට
නාගදීප පූජනීය ස්ථානය යි.යාපනය අර්ධද්වීපයේ ම පැ ම පැරණි නාගදීප වූයේය.ඒ පිළිබඳව
කිසිදු සැකයක් නොමැත.නමුත් මෙහි ලා විස්තර කරනුයේ එම නාගදීපය නොවේ.නාගදීපය නමින්
හැඳින්වෙන හැදින්වෙන වෙනත් නාගදීප යක් ගැනය.නාගදීප පුරාණ රාජමහා විහාරය පිහිටියේ
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මයියංගනයට
සැතපුම් 14 ක් පමණ දුරින් නැගෙනහිරට බර ගිනිකොන දෙසිනි.බිබිල මහියංගන මහියංගණ
මාර්ගයේ ගඩුගුඩාවාව හා ආඳාඋල්පත පසුකර බිබිල දෙසට යනවිට නාගදීප වැවට යන පටු පාර
හමුවේ එම පාරේ සැතපුම් එක හමාරක් පමණ ගොස් වැව් කණ්ඩිය දිගේ එහි කෙළවර දක්වා ගිය
පසු දකුණු අතට ඇති ගුරු පාරේ තවත් සැතපුම් තුනක් පමණ වනගත මාර්ගයක ගමන් කිරීමෙන්
පසුව මෙම පූජනීය ස්ථානයට ළඟාවිය හැකිය.මම පුරාණ විහාරස්ථානය ක්‍රිස්තු පූර්ව 234
වර්ෂයේ ආරම්භ වී ඇති බව සඳහන් වේ.නාගදීප විහාරස්ථානයට ගමන් කිරීමට ඇති මාර්ගය
මෙතරම් දුර වුවද නාගදීප වැව් බැම්ම මතට මෙම පූජනීය ස්ථානය පෙනේ.වැවේ දකුණු කෙළවරට
වන්න නාගදීප පුදබිම පිහිටා ඇත.නටබුන් වී තිබූ වැව මෑතක දී ප්‍රතිසංස්කරණය කර ඇති
බැවින් පූජනීය ස්ථානයට යන මාර්ගය දිගු වී තිබේ.එමෙන්ම මෙම විහාරස්ථානයේ නාමය වැවට
ද ආරෝපිත වී ඇත.එය විහාරස්ථානය හා වැව හා ඇති සම්බන්ධතාවය කියාපාන්නක් සේය.මෙම
නාගදීප පුදබිමට පිවිසෙන විට අභියස ම දක්නට ලැබෙන්නේ භික්ෂූන් වහන්සේ පදිංචිව සිටින
තරමක් පැරණි හා වාසි ගෘහයකි.එමෙන්ම එහි පියගැටපෙළ ආදිය පැරණි ගොඩනැගිලි වලින් ගත්
ශේෂ ඔහු වලින් තනා ඇති බව හඳුනාගත හැකිය.එමෙන්ම මෙම විහාරස්ථක ගොඩනැගිලි වලට
ඉදිරියෙන් ඇති භූමියේ ස්තූපයන් දෙකක් දැකගත හැකිය. එමෙන්ම බෝධියක් හා ගරා වැටුණු
ගොඩනැගිලි කිහිපයක ශේෂ හා ප්‍රාකාර කොටස් දැක ගත හැකිය.
එමෙන්ම එම ආවාසය
ඉදිරිපිට ඇති ප්‍රාකාරය ක කොටස් ලෙස සැලකිය හැකි ශේෂ වූ ගල් කණු රැසක් දැකගත හැකිය.
එමෙන්ම මේවා අඩි දෙක තුන තරම් උස අතර එක පෙළට සිටුවා තිබේ.මේවා කණු වලින් සාදන ලද
මාවර රහිත වැටක් ලෙස හඳුනාගත හැකිය.නමුත් මෙම පූජනීය භූමිය වටා ම මේ ලෙස වැට තිබූ
බවට සාධක දක්නට නොලැබේ.සමහර විටෙක මෙලෙස උතුරු පැත්තට පමණක් මෙලෙස යොදා ගන්නට
තිබුණා විය හැකිය.මේ අන්දමේ වැටක්
මාදුරුඔය නූතන වැවේ ගිලී ගිය හබරත්තෑව විහාරයේ ද දැක ගැනීමට හැකිය.ආරාම
සංකීර්ණය වටා මේ බුදු වැටක් දක්නට ලැබෙන්නේ තවමත් කිසිදු ගවේෂණයකට ලක්වී නැති
දෙහිඅත්තකන්ඩියේ සිට සැතපුම් පහළොවක් පමණ දුර වනගතව ඇති මුවපෙටිගවෙල නම් නටබුන්
විහාරස්ථානය තුළින්ය.මේ ක්‍රමවේදය රෝහණ දේශයට ආවේනික වූ ඉතා පැරණි ආරාම වල පැවති
ලක්ෂණයක් විය යුතු යැයි සැලකේ.නාගදීප පුදබිම මෙම මාවර වැටේ දොරටුවෙන් ඇතුළු වූ පසු
ගරා වැටුණු ගොඩනැගිලි කිහිපයක ශේෂයන් හමුවේ.එමෙන්ම මේවට අත්තිවාරම් දැමු කොටස් ද
දක්නට ලැබේ.ගල් කණු ගඩොල් කණු පන්දම් ආදී අත්තිවාරම් වල සෙසු කොටස් මෙම ස්ථානයෙන්
දැකගත හැකිය.එමෙන්ම මෙම ගඩොල් අතර පැරණි අක්ෂර සහිත ගඩොල් රැසක් දක්නට
පුළුවන.නමුත් මෙම ගොඩනැගිලි කැණීම් කර නොමැති බැවින් ඒවායේ නියම ස්වරූපය හෝ ඒවායේ
වර්ගය හෝ දැන ගැනීමට හැකියාවක් නැත.නමුත් සුළු වශයෙන් කැණීම් කිරීමට ලක්වූ එක්
ගොඩනැගිල්ලක අත්තිවාරම අඩි දෙකට වඩා පසින් වැසී තිබී ඇති බව හඳුනාගත හැකිය.
නාගදීප පුරාණ රාජ
මහා විහාරස්ථානයේ භූමිය තුළ පෞරාණික වටිනාකම් වලින් යුත් වටිනාකම්වලින් යුත්
ස්තූපයන් දෙකක් හඳුනාගත හැකිය.ඉන් එක ස්තූපයක් කැණීම් කර එහි ඇති පෞරාණිකත්වය
තහවුරු කර ඇති අතර එහි කැණීම් කැණීම් සිදුකිරීමට පෙර ස්තූපයේ ගර්භය දක්වා හාරා එහි
ඇති නිදන් වස්තු සොරුන් විසින් ඩැහැගෙන තිබූ බව දැකගත හැකිය.මුලින් පැවති ස්තූප
ගොඩනැගිල්ල අඩි හතළිස් අටක් පමණ උඩින් විය.මෙය පරීක්ෂණයට ලක් කළ පර්යේෂකයන්ට පෙනී
ගියේ මුලින් කරවා තිබූ ස්ථූපය වසා නැවතත් ස්තූපයක් ඒ මත ගොඩ නගා ඇති බවයි.ඒ
ආකාරයෙන් ස්තූපයන් නිර්මාණය කිරීමේ ක්‍රමවේදය කංචුකචේතිය නමින් හඳුන්වනු
ලබයි.එමෙන්ම ලංකාවේ මුල්ම කංචුකචේතිය ද ඌව පළාතේ පිහිටි මහියංගණ ස්තූපය බව ද ප්‍රකට කරුණකි. එමෙන්ම
මෙම නාගදීප පුරාණ විහාරස්ථානයේ ඇති මුල්
ස්තූපයේ ගඩොල් විහාරස්ථානයේ ඉපැරණි කමට සාක්ෂි දරයි.උකුළ වටා පාද ලාංඡන හා ශිලා
පළක තබා ඇති ආකාරය දැකගත හැකිය.නමුත් වර්තමානය විහාරස්ථානය විහාරස්ථානයේ සංවර්ධන
කටයුතු සඳහා ආරක්ෂිත ස්ථානවලට ඉවත් කොට
ඇත.එමෙන්ම මළුවට පිවිසීමට තනා තිබූ දොරටු හා ඒවායේ පියගැටපෙළ ශේස දක්නට ලැබෙන අතර
ඒවා පසින් යට වී ඇති බව දැක ගත හැකිය. මෙහි ඇති ස්තූපය ගරා වැටීමට ලක්වී තිබූ
නමුත් ස්තූපයේ මූලික ස්වභාවය හඳුනා හඳුනාගැනීමට හැකි වී තිබීම මෙහිලා වැදගත්
කරුණක් වෙයි.
මෙම ස්තූපයට
උත්තරෙන් මෙන්ම නොදුරින් වැවේ දකුණු ඉවුර ආසන්නව විශාල කන්දක් පිහිටා තිබේ.එහි ප්‍රමාණය අඩි එක්දහස් පන්සියයකට වඩා වැඩි බව
දැකගත හැකිය.එමෙන්ම එය උස අඩි 70ක් පමණ වන
බව දැකගත හැකිය.මුළුමනින්ම පසින් වැසී පඳුරු වැවී ඇති මෙහි වූ සුවිශාල ස්තූපයක
ශේෂයක් බව බොහෝ දෙනාගේ මතය යි.පොළොන්නරුවේ පිහිටි දෙමළ මහා සෑය සිහිගන්වන මේ මහා
ස්තූපය කාලයාගේ රුදුරු පාහරට හසුවීම නිසා හානියට පත්වී ඇත.නමුත් එය කැනීමණීමට ලක්
කිරීමෙන් විශේෂ තොරතුරු ඉන් අනාවරණය කරගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි.
මෙන්ම මෙම නාගදීප
පුදබිම තුළ මලසුනක් විය හැකි ශෛලමය පුරුවක්ද ගල්කණු කිහිපයක් හා පියගැටපෙළ වලට
අයත් විය හැකි පලන ලද ගල් ද තැන තැන දක්නට ලැබේ.පුරාවිද්‍යාත්මක නිවැරදි එය සම ප්‍රදේශය
වෙත යොමු වී නොමැති වුවත් ක්‍රමානුකූලව කරන ලද මනා ගවේෂණයකින් මෙහි යථාර්ථය දැන
ගැනීමට හැකි වනවාට සැකයක් නොමැත.එමෙන්ම මේ ස්තූපය තුළ පුදබිමේ ඉතිහාසයද වැළලී
තිබෙනු නිසැකය.
මේ හැරුණු විට මුළු
භූමිය පුරාම විසිරී පවත්නා විවිධ වර්ගයේ පැරණි ගොඩනැගිලි වලට අයත් ගඩොල් ආදී ශේෂ
හානියට යමින් පවතින අතර මෙහි ඇති චාම් සඳකඩ පහණ ද,ගල් කීපයක් ද ,පාද ලාංඡන ආදරේ
ශිලා පර කිහිපයක් ද ඉතාම පැරණි ලක්ෂණ වලින් යුක්ත බව දැකගත හැකිය.
මෙම පුණ්‍ය භූමිය
පිළිබඳව මනා කැණීම් කිරීමකට ලක් වී නොමැති බැවින් පසින් යට වී තිබිය හැකි ශිලා
ලිපි ගැන දැන ගැනීමට ද ගැනීමටද හැකියාවක් නොලැබේ.දැනට හඳුනාගෙන ඇති ශේෂයන් අතර එක්
පුවරු ලිපියක් ද ශෛලමය ප්‍රදීපස්ථම්භයක
කොටන ලද වාක්‍යයත් ද දක්නට ලැබේ.ඌරු ලිපියේ ඇති අක්ෂරය ඉතා තදින් විනාසයට විනාශයට
ලක් වී ඇති බැවින් කියවීමට ඉතා අසීරු වේ.එය
ක්‍රිස්තු වර්ෂ0 07-06 සියවස් වලට පමණ
අයත් වන පරිවර්තනය වන යුගයේ බ්‍රහ්මී අක්ෂරවලින් කොටා ඇත.එමෙන්ම ප්‍රදීපස්ථම්භයේ මීට වර්ෂ 300 කට පමණ පෙර කොටා
ඇති වාක්‍යයක මෙසේ සඳහන් වෙයි "නාගදීප ට පූජා වූ ප්‍රදීපේ 1691" යනුවෙන්
කීයවේ.මම වාකය ඛණ්ඩය කෙටි වුවද මෙම වාක්‍ය ඛණ්ඩය
අතිශයින්ම වැදගත් වේ.එහි සඳහන් වන්නේ මෙම පුණ්‍ය භූමියේ පහන් පූජාවක් කරන
ලද බවකි.නමුත් එම පූජාව කරන ලද්දේ නාගදීපය යනුවෙන් සඳහන් වීමෙන් පෙනී යන්නේ එකල
මෙම විහාරස්ථානයේ තෙල පුදනතැනෙහි ඓතිහාසික නාමය නාගදීපය වූ බවයි.එමෙන්ම නාගදීප
විහාරස්ථානයට ආසන්න වූ බැවින් නාගදීප වැව ලෙසින් හැඳින්වෙන බැවින් නාගදීප නමින්
පූජා ස්ථානයක් තිබූ බවත් යටත් පිරිසෙයින් මෙයට වර්ෂ 300 ක ට පෙර කට එනම් ව්‍යවහාරයේ පැවැති බවත් මෙවැනි හඳුනාගත
හැකිය.
තෙල පුදතැනෙහි
ඉතිහාසයෙහි මඳක් හෝ විමසා බැලීමේදී ඉතා වැදගත් වන්නේ අනුරාධපුර යුගයේ මුල් කාලයේ
දී මෙම ප්‍රදේශය දේවානම්පියතිස්ස රජතුමාගේ
සහෝදර චූලාභය කුමරුන් විසින් හා මහා ශිව කුමරුගේ පරපුරේ අය විසින් පාලනය කරන ලද
බවයි.එමෙන්ම චූලාභය කුමරු විසින් මහියංගන සෑය තිස්රියන් කොට කරවන ලද බව මහාවංසය
සඳහන් වේ.ඒ චූලාභය කුමරු මෙහි පාලනය ගෙන යෑමේදී කළ කාර්යයකි.මහියංගනය නාගදීපය අතර
පිහිටි ඔලගංගල ලෙන් ලිපිවල රජ ශිවගේ පුත්‍ර අයශිව ගැනද සඳහන් වී තිබේ.මෙම රජ සිව
අනුරාධපුරයේ උන්නතිය රජුගෙන් පසු රජකමට පත් වූ මහාසිව රජ බව ඉතිහාසඥයන්ගේ මතයයි.ඒ
අනුව ඔහුගේ පරපුර මෙහි ව්‍යාප්තව තිබූ බව විශ්වාස කෙරේ .දුටුගැමුණු කුමරු රජරට
සතුරු ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කරගැනීම පිණිස ගිය ගමනේ සන්ධිස්ථානයක් ලෙස ද
මහියංගණය ඉතිහාසයට එක් වී තිබේ.ථූපවංශයේ සඳහන් වන පරිදි දුටුගැමුණු කුමරු මැදගම්
උයන්තොටින් පිටත්ව මහියංගනයට පැමිණීමට පෙර තුන්ගම් කසටපිටියෙ කඳවුරුලා ගන්නා ලදී.එතුමා
එහිදී තම සේනා බලය විමසීය.බටහිර කෙළවර සිට නැගෙනහිර කෙළවර දක්වා සේනාව සතර ගව්වක්
වූ බවද ථූපවංශයේ වාර්තා කර ඇත.මෙබුදු යුද කාර්යයක් කිරීමට ඉතා සුදුසු භූමි ප්‍රදේශයක්
තිබිය යුතුය.අදාල මාර්ගයන් හි
කඳවුරකට හා යෝධ බල විමසීමට ඉතා සුදුසු
පරිසරයක් පවතිනුයේ තෙල නාගදීප විහාර භූමිය ඇතුළත් වූ ප්‍රදේශයේ බව තොරතුරු විමසන
විට හඳුනා ගත හැකිය.මේ හෙයින් නාගදීප විහාරය පිහිටියේ දුටුගැමුණු කුමරුගේ ගමන්මඟට
අනුරූප වූ තුන්ගම් කසටපිටියේ යැයි පෙන්වා දීමට පුළුවන.මෙම කාරණා සනාථ කරන වැදගත්
තවත් සාධකයක් බිබිලේ කොට සරත් සරත් පියංගලළේ කොටසර පියංගලු රජමහා විහාරයේ තුඩ පතක
සඳහන් වී ඇත.එහි කියවෙන හැටියට සයුර වංශාභිජාත දේවමිත්ත නම් මහ තෙරනමක් භික්ෂූන්
එකසිය අටවිසිනමක් සමඟ තුංගම් කසටපිටිය ගොදුරු ගම් කොට ආරාණ්‍යගල වාසය කර ඇත.මෙම
සිදුවීම සිදුවී ඇත්තේ සද්ධාතිස්ස රජතුමාගේ කාලයේදීය.තුඩපතේ සඳහන් වන ආරණ්‍යගල ,නාගදීප විහාරයට
උතුරින් මඳක් දුරින් ඝන වනය පිහිටා ඇති ඉතා දර්ශනීය වූ අඩි 1500 ට වඩා උසස් ඇත්තා
වූ ද වර්තමානයේ සෙනසුන්ගල නමින් ව්‍යවහාර වන්නාවූ ද ආරණ්‍ය සේනාසන විහාරයකි.මම 108
විසි නමක් වූ තෙරවරු වැඩ සිටි ගිරි ගුහා ආදිය එහි අදටත් දක්නට ඇත.උන්වහන්සේලාගේ
ගොදුරුගම් මේ අසල වූ තුන්ගම කසටපිටිය වූයේ එනම් එදා ජනාවාසයක්ව පැවැති නාගදීප ප්‍රදේශයයි.එම
තෙරවරුන් නාගදීපයේ ද වාසය කරන්නට ඇත.තුන්ගම් කසටපිටියේ සහස්ස වත්ථප්පකරණය
දැක්වෙන්නේ අම්බිලපිට්ටි පියංගණය හෝ මහා අම්බිලිපිටිය හෝ යන නාමයෙනි.මෙහිදී
දුටුගැමුණු කුමරු යෝද බල විමසා ගොස් පළමුව මහා මහා වාලුකා ගංගාසනයේ සටන් කළ බවද
එහි ප්‍රකාශ වේ. මෙම කරුණු කාරණා අනුව මෙහි මහත් ජනාවාසයක් වූ බවත් මේ සිද්ධි
වලින් මෙන්ම පූජනීය ස්ථානයේ ඇති අති විශාල කර්මාන්ත වලින් ද පෙනී යයි.දුටු ගැමුණු
කුමරුන් විසින් සෙසු කඳවුරුවල ද ස්තූපයන් කර වූවා සේම මෙම ස්ථානයද මුල් ස්තූපය කරවූ බව ජනශ්‍රැතියේ දැක්වේ.මෙහි
විශාල ස්තූපය සද්ධාතිස්ස රජතුමා විසින් කරවන ලද ගවුත විහාර අතර එකක් විය යුතු යැයි
ජනශ්‍රැතියේ සඳහන් වේ.එමෙන්ම එතුමාගේ ශාසනික කටයුතු පිළිබඳව තොරතුරු මේ ප්‍රදේශය
පුරාවෘත්ත හා බැඳී පවතී.එමෙන්ම මෙම ස්ථානයේ ශේෂයන්ව පැවති පුරාවස්තු මේ කාල
කාලපරිච්ඡේදය හා ගැළපී සිටිනු දැකගත හැකිය.
6
-7 සියවස් වලට අයත් වන පුවරු ලිපිය අනුව මෙම පුණ්‍ය භූමිය එවක පැවති
දියුණුව පැහැදිලි කෙරේ.පොළොන්නරු යුගයේ යුගයේදී මේ ප්‍රදේශයේ මහා වනයට ඇරී තිබුණු
අතර මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී දරුණු සටන් පැවති දුර්ග සහිත පෙදෙසක්
හැටියට පැවති බව වංශකථා වලින් පෙනී යයි .කෙසේ නමුදු තෙල පුදතැන මුලින් කී නමින්
හඳුන්වන ලද දැයි ගත නොහැකි නමුදු සියවස් තුනකට පෙර සිට නාගදීප නමින් හඳුන්වා ඇති
බව දැකගත හැකිය.
මෙම ප්‍රදේශයේ වනගත
වීමත් වන ගතවීමත් පරසතු උවදුරු උවදුරුවලින් යාපනයේ නාගදීපය මතකයෙන් ඉවත් වී දුරස්ථ
වීමත් සමග මහියංගනන් නාගදීපන් යනාදී ගාථාව වන පිලිවෙලට නාගදීපය මහියංගනය ට ආසන්නව
ඇති විශාල පුදබිම මේ ස්ථානය බැවේ බැවින් පෙළ නාගදීප නාමය ව්‍යවහාරයට වන්නට ඇතැයි
සැලකීම බොහෝ දුරට නිවැරදි විය යුතු බව පෙනේ.එමෙන්ම ඌවේ නාගදීප විහාරය ගැන කාගේත්
අවධානය යොමු විය යුතුයැයි සේ පෙනේ.තවද නාගදීපය පිළිබඳව තවත් බොහෝ විස්තර ඓතිහාසික
මූලාශ්‍ර වෙන් සොයා ගත හැකිය.ශ්‍රී ලංකා ඉතිහාසයට අනුව සිව් හෙළයන් ලෙස සැලකෙන,
v
යක්ෂ
v
රාක්ෂ
v
නාග
v
අසුර
යන කණ්ඩායම් වලින්
ගුණාංග කණ්ඩායම හෙවත් නාග ගෝත්‍රිකයන් "නාවික"කණ්ඩායම ලෙසත් ඒ හේතුවෙන්
ඔහු වාරි කර්මාන්තයට නැව් තැනීමට සහ වාරිමාර්ග වාරිමාර්ග තැනීමට දක්ෂ කණ්ඩායමක්
ලෙසත් සැලකේ.වර්තමානයේ මහවැලි ව්‍යාපාරයේ ලාංඡනය නාග සලකුණ යෙදීම ද මෙම විශ්වාසය
මත පදනම් වුවක් විය හැකිය.
නාගයින්ට වෙන් වූ
ප්‍රදේශ ලෙස ප්‍රධාන වශයෙන්ම හඳුනාගෙන ඇති ප්‍රදේශ හතරකි.එනම්,
v
වඩුන්නාගල නාග භවන.(නායකයා චූලෝදර)
v
කැලණි ගඟ අසබඩ නාග භවන.(නායකයා මණිඅක්කිත)
v
මණිනාග දිවයින.(නායකයා මහෝදර)
v
සමුද්‍ර නාග භවන.
ඉහතින් සදහන් මහෝදර
නගර දුගේ දියණියක වූ වඩුන්නාගල චූලෝදර නාග රජුට පාවා දී ඇත.ඒ සමග විසිතුරු මිනි
පලසක්(මැණික් පුටුවක්)දායාද වශයෙන් ලබාදී ඇති අතර පසුව මෙම මැණික් පුටුව
සම්බන්ධයෙන් නාගයන් අතර යුද්ධයක් ඇති වූ බව සද්ධර්මලංකාරයේ නාග වස්තුවේ සඳහන්
වේ.එමෙන්ම උතුරු දිග නාග මහා විහාරය නමින් වෙහෙරක් වූ බවත් ,(තිස්ස සාමණේර
වස්තුව )උතුරේ ම ළඟ කාර ගමක් වූ බවත් (කුටුම්භ වස්තුවේ)තවදුරටත් සඳහන් වේ.
පුරාණයේ ලතාපුර,සිරස වත්ථුපුර
ආදීහු රාවණා රජුගේ කතා පුවත සඳහන් සිරස වත්තුපුර ,ශීර්ෂවත්ථුපුර සිරස
හිස- හස ලෙසින් හසලක වූ පුවතක් ලක්ගල
සිට ලොග්ගලට කළ විවාහ මගුලක්
පිළිබඳව සඳහන් වී ඇත.
එහි එන පැරණි ලොග්ගල
දියුණු පුරවරයකි.අද ලොග්ගල්ඔය ලෙස හඳුන්වන්නේ එම ප්‍රදේශයයි.ආඳාඋල්පත සිට
කිලෝමීටර් අටක් පමණ බදුල්ල දෙසට වන්නට මෙම ලොග්ගල්ඔය පිහිටා ඇත .
අතීතයේ මහවැලි ගඟ
හා බැඳුණු වාරිමාර්ග පද්ධතියක් පැවති බව සඳහන් වේ.එය මුන්දෙනු ආරු,කසවත් තොට,මාදුරු ඔය උල්හිටිය
හරහා බැඳීම සහ සොරබර දක්වා පමණක් නොව නාගදීප වැව දක්වා ද පැවති බව විශ්වාස කෙරෙ.ඒ
ඔස්සේ පැමිණි ඔරු පාරු ආදිය අලුත්වැඩියා කිරීම නව නැව් නිෂ්පාදනය වාරිමාර්ග
පද්ධතිය නඩත්තු කිරීම ආදියට ප්‍රචලිත වූ නාගයන් ජීවත් වූ ප්‍රදේශය නාගදීප ප්‍රදේශය
වූයේ යැයි විශ්වාස කෙරේ.එමෙන්ම තවත් සමහරු මය රුහුණු නාගදීපය ලෙස ව්‍යවහාර කර
ඇත.එමෙන්ම නාගදීප පුරාණ රාජ රාජමහා විහාරයට තවත් මඟක් ද ඇත ඉගක්ද ඇත ඉහතින් සඳහන්
කරන ලද බිබිල මහියංගණ මාර්ගයේ ආඳා උල්පත පසුකර තවත් සැතපුම් 2ක් පමණ ගියවිට ඌරණිය
හන්දියෙන් වමට හැරී කිලෝමීටර් හතරහමාරක් පමණ දුරින් සුන්දර වෙල් යායක් මැදින් වැටී
ඇති මාර්ගය අවසානයේ දී ඔබට මෙම පුණ්‍ය භූමියට පිවිසිය හැකිය විහාරස්ථානය වට වටකොට
අක්කර 800 ක පමණ පුරා පුරාවට විහිදී ඇති නාගදීප වැව පිහිටා ඇත.
නාගදීපයේ ඓතිහාසික
බවට සාක්ෂි දරන සාධක.

නාගදීප ඓතිහාසික
පුදබිම ඓතිහාසිකත්වය ට සාක්ෂි දරන ප්‍රධානම කරුණු දෙකක් සඳහන් කළ හැකිය.එනම් මෙහි
ඇති ප්‍රමාණයෙන් කුඩා නමුත් බොහෝ කොටසක් සම්පූර්නව අණ ව අදටත් දැකිය හැකි පහත
මළුවේ ඇති සෑය සහ දැනට ගරාවැටී ඇති කඳු මුදුනේ ඇති සෑයයි.කඳු මුදුනේ ඇති සෑය
සද්ධාතිස්ස රජතුමා විසින් කරවන ලද්දක් බව කියැවෙයි.මේ වන විට රූස්ස ගසින් ගැවසී
ගත් නමුත් එම කඳු කඳුගැටයේ බොහෝ තැන් වලින් මතුවන ඉපැරණි කුඩා ගඩොල් මුළු කඳුගැටය
ම සෑයක් ලෙස පිහිටා තිබූ බවට සාක්ෂි දරයි.විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේට අනුව
බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා එම සෑය තුළ තැන්පත් කොට ඇති බව විශ්වාස
කෙරේ.නමුත් එය කඳු ගැටය මුදුනේ පිහිටීමත් හා ගරා වැටී තිබීමත් නිසා යමෙක් මෙම සෑ මලුවට ගොඩ වදීවි
වන්දනාමාන කරන්නේ කලාතුරකින් බිම සෝචනීය තත්ත්වයකි.නිසි අයුරින් කැණීම් කොට මේ මහා
සෑය පිළිසකර කරවා නැවතත් සසුනට පූජා කරන්නට හැකි නම් එකල වැවේ ඉවුරේ විරාජමානව
නැගී සිටි මහා සෑය අසිරියේ තතු අපටත් අනාගත පරපුරටත් දායක වනු ඇත.
ඉන් අනතුරුව පැරණි
සෑය දෙසට හැරෙමු.ඔබට සෑය දුටුගැමුණු රජු සමයේ කරන ලද්දක් බව පිළිගැනීම වේ.මෙහි
පෞරාණිකත්වය දෙපසින් ඇති ගලින් කරන ලද මල් ආසන දෙකකින් මනාව පිළිබිඹු වේ.වර්තමානය
වන විට යම්කිසි ප්‍රතිසංස්කරණයකට භාජනය වේ නමුදු එහි පෞරාණිකත්වය සුරැකෙන පරිදි ප්‍රතිසංස්කරණය
සිදු කර ඇත.
මෙම සෑයේ කොත්
කැරලි හැරෙන් චත්‍රයක් තිබී ඇත.අද වන විට එම සෑය ගරා වැටීමට ලක්වී ලක් වී ඇති
බැවින් එම චත්‍රය සෑ මළුවේ පසෙකට වන්නට ආරක්ෂිතව පිහිටා ඇත.
මෙහි ඇති ඉපැරණි
සංඝයා වාසයයට යටින් කැණීම් කරගෙන යෑමේදී විහාරයක් සහ සැතපෙන පිළිම වහන්සේ නමකගේ
කොටසක් 1989 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති නමුත් එම කැණීම්
කටයුතු අතරමඟ තියෙන වැසී ඇත.
තවද මෙම සංඝයා
වාසයට ඇතුළු වන දොරටුව දෙපස ඇති කොරවක්ගල් සහ අනුරාධපුරයට යුගයටත් පෙර යුගයට අයත්
සේ සැලකෙන කැටයම් රහිත සඳකඩ පහණ මෙම පුණ්‍ය භූමිය සියවස් ගණනාවක ඉතිහාසයට නිහඬ
සාක්ෂි දරයි.
එමෙන්ම මෙම පුණ්‍ය
භූමිය පුරා ගලින් කළ කළ ද නිර්මාණවලින් ශේෂයන් අදටත් දැකගත
හැකිය.ඉපැරණි ගල්
පඩි ගල් දොර සහ උළුවහු ආදිය මේවා අතර ප්‍රධාන වශයෙන් දැකිය හැකිය.
මෙහි ඉපැරණි සෙල්
ලිපියක් ද දක්නට ඇත එහි නාගදීපයට ප්‍රජාව ප්‍රදීප් යනුවෙන් සඳහන් වී ඇත.
එමෙන්ම නාගදීප
පුරාණ රජමහා විහාරස්ථානයේ හමුවූ ටැම් ලිපියෙහි මෙසේ සඳහන් වී ඇත.එනම් රාජ්‍ය
නිලධාරීන් සම්මුතියකට පැමිණ විහාරස්ථානයට ප්‍රදානය කරන ලද වරප්‍රසාද පිළිබඳවයි.
බෝධීන් වහන්සේ
මෙහි රෝපණය කර ඇති
බෝධීන් වහන්සේ දෙතිස් රුහ බෝධීන් වහන්සේ නමක් යැයි විශ්වාස කරන අතර බෝධීන් වහන්සේ
උදෙසා වන්දනාමාන කොට පුද පූජා පැවැත්වීමෙන් සිතන පතන බලාපොරොත්තු ඉටු වන බවට ද
විශ්වාසයක් පවතී.ලක්දිව දැනට බොහෝ ඓතිහාසික ඉපැරණි පූජනීය ස්ථානයන්ට සිදුවී ඇති අවාසනාවන්ත
වියෝජනයට නාගදීප පුණ්‍ය භූමිය ද ගොදුරු වෙමින් පවතී එනම් නිදන් හොරුන්ගෙන් සහ
පුරවස්තු හොරුන්ගෙන් වන හානිය පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය තවමත් යොමු නො වී
නොමැති වීම කණගාටුදායක කරුණකි ප්‍රෞඩ ඉතිහාසයක් හිමි අභිමානවත් ජාතියක වර්ථමානය
මෙසේ වල් බිහි වී යාමට නොදී ආරක්ෂා කර ගැනීම අප කාගේත් යුතුකමක් වන්
නේය
භික්ෂූන් සැටනමක්
රහත් වීම.
පෙර මේ ලක්දිව
භික්ෂූන් සැටනමක් එක්වී නාගදීපයේ රාජායතන චෛත්‍ය වැදීම සඳහා ගොස් චෛත්‍ය වැඳ පුදා
එහෙම රාත්‍රිය ගෙවා පසුදින උදෑසන පාත්‍ර ගෙන පිඩු පිණිස ගමට පිවිසියහුය.නමුත් එක්
ගෙයකිනිදු කිසිදු ආහාරයක් නොලබා උන්වහන්සේලා හිස් පත්‍ර වලින් යුතුව ගම් දොරට
පැමිණියහ.එගම කහවණු සැටක් ණය වී එය වෙනුවට ගෙයක මෙහෙවර කරනා "නාගා"නමි
ස්ත්‍රියක් විසුවා ය.ඕ කළයක් ගෙන දිය පිණිස යන්නෙහි ඒ භික්ෂූන් දැක උන් වහන්සේලා
වෙත ගොස් වැඳ"ස්වාමීනි ආර්යයන් වහන්සේලා පිණ්ඩපාතය ලද්දාහුදෑ"යි
විචාළහ.භික්ෂුහු උපාසිකාවනි තවම පෙරවරු කාලයේ ඇත්තේයැයි විචාළය.ඕ භික්ෂූන්
වහන්සේලා ආහාරයක් ලබා නැති බව තේරුම් ගෙන මහත් සංවේගයට පැමිණ."කෙසේ හෝ මුන්
වහන්සේලාට දන් සැපයිය යුතුය."මුන්වහන්සේලා සුන්බත් වන්නට ඉඩනොදිය
යුතුය.දන්දීමට කිසි වස්තුවක් මට නැත.මම ණය ගෙවා ගත නොහැකිව වැඩකරමින් සිටින
දුගියෙක්මි.මා දැන් වැඩ කරන්නේ දහවල් කාලයේ පමණය.මට රාත්‍රියද වැඩ කළ හැකිය.රාත්‍රියේ
වැඩ කර දීම සඳහා මුදලක් ණයට ගෙන මුන් වහන්සේලාට දන් සපයමි" යැයි සිතා වහාම තම වැඩ කරන ගෙටම ගොස් ගෘහ ස්වාමියාගෙන්
තවත් කහවණු සැටක් ණයට ඉල්ලීය.එකල්හි ගෙහිමියා "ඉතින් තවම පරණ ණය නොබිදී කුමට
තවත් ණය ඉල්ලන්නේ දැයි"විචාළහ එකල්හි ඕ "ධනය ගැන බිය නොවනු මැනව මම දැන්
ගන්නා මුදල වෙනුවට රාත්‍රියේ වැඩ කරමි" යි කීවාය .එවිට ගෙහිමියා එසේ නම්
යහපත් ඇයි යහපතැයි.ඇයට කහවණු සැටක් දින.ඕ තමා මුදල් ගැන වහාම ගමෙහි ඇවිද එක ගෙයකට
එක කහවනු බැගින් දී දන් පිළියෙල කරවා පාත්‍ර වලට බෙදා භික්ෂූන් වහන්සේලාට
පිළිගන්වා වැඳ තම දානය පිළියෙළ කළ සැටි භික්ෂූන්ට කියා.තම කළය ගෙන ගියහ.ඇගේ කතාව
ඇසූ භික්ෂූන් විශ්මයට පැමිණි එහි ම
නොවළඳා තම තමන්ගේ පාත්‍ර ගෙන මහානාම නම් විල සමීපයේ මිදෙල්ල වනයට
ගියහ.එහිදී සංඝ ස්ථිවරයන් වහන්සේ සෙසු භික්ෂූන් අමතා කියන සේක්"ඇවැත්නි මේ
දානය දුන් දුගී කත අපගේ මව හෝ නොවන්නේය.සොයුරියක් ද නොවන්නීය.නෑ තැනැත්තිය ද
නොවන්නේය.අතිශයින් දිළිඳු වූ ඇය තමාගේ ශරීරය විකුණා මේ දානය අපට පිළියෙල කර දුන්නේ"සිල්වත්
වු ගුණවත් වු වහන්සේලාට උන්වහන්සේලාට දීමෙන් අනන්ත ඵල ලැබෙන්නේ යැයි සලකා
ගෙනය.මෙබඳු දානය අප විසින් සරාගීව සිට වැළඳීම නුසුදුසු ය.ඇගෙ දානය මහත් ඵල වන
පරිදිම අප විසින් ඒ දානය වැළඳිය යුතුය.ඒ නිසා අපි මේ දානය කෙසේ හෝ සිව් කෙලෙසුන්
නසා රහත්ව ම වළඳමු"යි වනයෙ තැන තැන හිඳ මහත් වූ උත්සාහයෙන් වෙනදාට වඩා අතිරේක
උත්සාහයකින් භාවනාවට පටන්ගෙන එදින පෙරවරු කාලයේ දී ම සැම දෙනා වහන්සේම සියලු
කෙලෙසුන් නසා රහත් වූහ.එය දැන වන දෙවියෝ සාධුකාර දුන්හ.උන්වහන්සේලා දෙවියන්ගෙ
සාධුකාර මධ්‍යයේ ම පාවිච්චි වූ සන්තාන ඇතිව නගාට දානය මහත් ඵල වන පරිදි ආහාර
වැළඳූහ.මේ පුවත දැනගන්නට ලැබී රජුගේ ශිවෙතචත්‍රයෙහි අධිගෘහිත දෙවියෝ සාධුකාර
දිණ.රජු ඔවුන්ගෙන් අසා නාගා ගැන දැන පැහැදී ණය හිමියාත් සමග ඇයගෙන්ම ණයෙන් මුදවා ඒ
දිවයින ම ඇයටම දී තවත් සැප සම්පත්ද දිණ.ඉක්බිති ඕ තවත් බොහෝ පින්කම් කොට
ජිවිතාවසානයෙ දෙව්ලොව උපන්නාය.(මෙම කතාව රසවාහිනියේ එන කතාවකි)
මෙම කතාවේ හැටියට
රාජායතන චෛත්‍යයට නුදුරින් මහානාම නම් විලක් හා මිදෙල්ල වනයක් ද තිබිය යුතුය.දැනට
නාගදීපය වශයෙන් සලකන දිවයින බුදුරදුන් වැඩ වදාළ රාජායතන චෛත්‍යය පිහිටි නාගදීපය ද
නැතහොත් නියම නාගදීපය අන් තැනක් ද යනු විමසිය යුතු කරුණකි.
නාගදීප විහාරස්ථානය
හා බැඳී විශ්වාසයන්
නාගදීප පුරාණ රජ
මහා විහාරස්ථානය පිළිබඳව ගම්වාසීන් තුළ අසන්නට ලැබෙන්නේ ඉතාමත් ගුප්ත සහගත
මතවාදයන් ය.නාගදීප රජ මහා විහාරස්ථානය ඉදි කර ඇති විශාල සංඝාවාස ගොඩනැගිල්ල හිටපු ජනාධිපති මහින්ද
රාජපක්ෂ මැතිතුමා විසින් ඔහුගේ උපදෙස් පරිදි නිර්මාණය කරන ලදී.නමුත් බොහෝ විට මෙම
නාගදිප පන්සලේ වාසය කරනු ලබන්නේ බේරුවල ධම්මරතන හිමියන් පමණි.භික්ෂූන් වහන්සේලා
කිහිප නමකට වාසය කිරීමට අවස්ථාව ඇති නමුත්.උන්වහන්සේ පමණක් මෙහි වාසය කරනු ලබන්නේ
බොහෝ ගුප්ත බලවේගයන් විසින් අනෙකුත් හාමුදුරුවරු බියවද්දා මෙම පන්සල් භූමියෙන්
පිටමන් කරන බවයි.
දත්ත දායකයන් ලෙස
තොරතුරු ලබාදුන් m.a විල්සන් මහතා ප්‍රකාශ
කර සිටියේ මෙම නාගදීප විහාරස්ථානයට අතුරු ආන්තරාවක් සිදු කිරීමට පැමිණෙන පුද්ගලයන්
හට ගුප්ත බලවේගයක් විසින් බිය වද්දා පන්නා දමන බවයි.එමෙන්ම මෙම පුන්‍ය භූමිය
නාගයන් විසින් ආරක්ෂා කරන බව බවත් ඔහු සඳහන් කළේය.
බොහෝ ගම්වාසීන්ගේ
පිළිගැනීම වන්නේ දුටුගැමුණු රජු යුද්ධයට යෑමට පෙර මෙම නාගදීප භූමියට පැමිණ භාරහාර
වී යන බවයි.
එමෙන්ම මහාවංශයේ
සඳහන් වන චූලෝදර මහෝදර හොරෙන් යුද්ධයකට මුල පිරු මිණිපළඟ අදටත් මෙම නාගදීපයේ තිබෙන
බවත් ඒවාට අත තියන්න උත්සාහ කරන පුද්ගලයන්ගේ හත්මුතු පරම්පරාව විනාශ වන බවත් හා එම
වස්තූන් සහ මෙම භූමිය නාගයන් විසින් ආරක්ෂා කරන බවත් ඔහු ගම්වාසීන්ගේ මතයයි.එමෙන්ම
ඔවුන් එමෙන්ම මිණිපළඟ විහාරස්ථානයේ විශාල දාගැබ තුළ නිධන් ගතකොට ඇති බව විශ්වාස
කරන්නේ අතීතයේ මම ගම්වාසීන්ගේ මුතුන් මිත්තන් මම විශාල සෑය දෙසින් ආලෝකයක් නිකුත්
වන බවට තිබූ විශ්වාස නිසාවෙන්ය.
එමෙන්ම විවිධ
අවස්ථාවන්හිදී මෙම පුණ්‍ය භූමියේ සංරක්ෂණ කටයුතු හා පුරාවිද්‍යාත්මක ගවේෂණයන් සඳහා
විවිධ පිරිස් පැමිණියද ඔවුන් හට එම කාර්යය නියමිත ආකාරයෙන් සිදු කර ගැනීමට නොහැකි
වූයේ මෙම ප්‍රදේශයේ ඇති අද්භූත බලවේගයන් විසින් ඔවුන් හට බලපෑම කරන නිසාවෙන් බව
ගම්වාසීන්ගේ පිළිගැනීම වේ.එමෙන්ම මෙම නාගදීප විහාරය සුප්‍රසිද්ධ වෙනවට මෙහෙය
අරක්ගෙන සිටින නාගයන් අකමැති බව ගම්වාසීන්
ගේ විශ්වාසයයි.
නාගදීප විහාරය හා
බැඳී පූජා විධි.
නාගදී පුරාණ රජමහා
විහාරස්ථානයට අතීතයේ දින හතක් ගම් හතකින් පෙරහර පැවැත්වූ බව විශ්වාස කෙරේ නමුත්
වර්තමානය වන විට එහි ඇති අද්භූත බලවේගයක් විසින් අප්‍රසිද්ධ සිද්ධස්ථානයක් ලෙස
පවත්වා ගෙන ඒමට කටයුතු කරන බව බොහෝ ගම්වාසීන්ගේ මතයයි.කෙසේ නමුදු විහාර අධිකාරිාධිකාරී
ස්වාමීන් වහන්සේ හා ගම්වාසීන් එක්ව වර්ෂය සෑම පොහෝ දිනකම බෝධි පූජා පින්කම් පවත්වන
අතර බොහෝ අපල උපද්‍රව ඇති පුද්ගලයින් එම සිද්ධස්ථානයට භාරහාර වී ආශිර්වාද ලබා
ගනී.පුරාවිද්‍යාත්මක ලෙසි කලඑළියක් නොලැබුණද බොහෝ පොහෝ දිනයන්හිදී මෙම සිද්ධස්ථානය
වන්දනා කරුවන් ගෙන් පිරී පවතී.විහාරස්ථානය හා නාගදීප වැව සම්බන්ධකොට වාර්ෂිකව ජලය
බෙදාහැරීමේ මංගල්ලයේදී අලුත් සහලින් දානයන් පිළියෙල කොට වැව් සොරොව්ව ළඟදි බුද්ධ
පූජාව හා දෙවියන් හට පූජා කරනු ලබයි.
එමෙන්ම ආදිවාසී
ජනතාව විසින් වාර්ෂිකව "කිරි කොරහා"නැවත පූජා විධිය මෙම සිද්ධස්ථානයේ
සිදුකරන අතර ඔවුන් මී පැණි පූජාවක් ද සිදුකරනු ලබයි.
බුදුන් වහන්සේගේ
ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් නාගදීපය උතුරේ මුහුද මැද පිහිටියක්ද ?නැතහොත් මහියංගණය
අසල පිහිටි පෞරාණික ජනාවාසයක් තුළ පිහිටි යක්ද ?මහියංගන බදුලු
මාර්ගයේ ආදල් පත හන්දියෙන්ඳාඋල්පත හන්දියෙන් හැරී සැතපුම් තුනක් පමණ වූ මාර්ගයේ
ගමන්කොට නාගදීප පැරණි ජනපදයට පිවිසි අයෙකුට ඉහත සඳහන් ප්‍රශ්නයක් නිරායාසයෙන්ම ඇති
මේ නාගදීප පැරණි ජනපදයේ පිහිටා ඇති සම්භාවනීය වූ පුරාවිද්‍යාත්මක කෞතුක වස්තූන් පිළිබඳව මෙතෙක් ක්‍රමවත් පරීක්ෂණයක් පවත්වා
නොතිබීම කනගාටුවට කරුණකි.එම ස්ථානය පිළිබඳව මා විසින් දැක ගන්නා ලද කරුණු ඇසුරෙන්
මම වාර්තාව සකස් කොට ඇත.
පුරාවිද්‍යාත්මකව
දැනට ඇති නටබුන් පිළිබඳව කේන්ද්‍රස්ථානය නාගදීප නාගදීප පුරාණ විහාර භූමිය යි.එහි
දැනට ඇති පෞරාණික දාගැබ් දෙකෙන් එකක් විශාල ලෙස වල් බිහි වී ඇති අතර අනෙක් දාගැබ්
ප්‍රතිසංස්කරණයට යොමු වී ඇත.එහෙත් එහි පැරැණි ස්වරූපය හඳුනා ගන්නට බාධාවක් නොවී
තිබීම සතුටට කාරණයකි.මෙම චෛත්‍ය ගර්භයේ හැඩය වනාහී කලාතුරකින්වත් දක්නට ලැබෙන්න
දැයි සැක සහිතය.ගර්භය පේසා වන්ගේ සිට ආරම්භ වන වෘත්තයට වඩා බඳ පෙදෙස් එහි විශාල
වෙයි.මෙය ලක්ෂණය ඝාටාකාරයක් වීම සඳහා
නිර්මාණශිල්පය ගත් උත්සාහයක් දැයි පරික්ෂා කළ යුතුව ඇත.ඉන්දියාවේ මේ සාංචියේ මෙන්ම
මෙහිද මුල්ම වකවානුවල දාගැබ්හි සවි කරන ට
ඇතැයි විශ්වාස කෙරෙන සෙල්මුවා යශ්ටිය හා චත්‍රය මේ දාගැබ ඒ ද සවිකර තිබෙන්නට ඇත යන
ට සාධක තිබේ.එමෙන්ම ප්‍රතිසංස්කරණයේදී කොත් කැරැල්ල බදාමයෙන් සාදා ඇති ද ඉහත කී
අංග දාගැබේ මළුවේ දැනට දැකගත හැකිය.දාගැබ් මළුවේ හා අවට තිබුණු කැඩී ගිය සෙල්ලිපි
කැබලි කිහිපයක් දැනට ආවාසගෙ මිදුලෙ තැන්පත් කර ඇත එමෙන්ම විවිධ රූප සටහන් හා
රූපාක්ෂර යැයි සිතිය හැකි ලකුණු සටහන් කරන ලද ගඩොල් සෑහෙන ප්‍රමාණයක් ද තැනින් තැන
දක්නට ඇත.ඒවා අනුරාධපුර මුල් යුගයට අයත් යැයි විශ්වාස කෙරේ.
පාරම්පරික සේවිත
පවුල් කිහිපයකින් පමණක් සෑදෙන මෙම ගමේ නිවැසියන්ගේ මතයන්ට අනුව නම් බුදුරජාණන්
වහන්සේ වැඩම කළේ මෙම ස්ථානයටයි.මහියංගණය, නාගදීපය,
මුතියංගනය,ආදී ස්ථාන නුදුරින්ම පිහිටි යැයි සිතීම
වඩාත් සාධාරණ හෙයින් එම මතය එක්වරම ඉවත ලිය නොහැක.සමහරවිට චූලෝදර හා මහෝදර සටන යනු
මහියංගණයේ යක්ෂ හා නාග දීපයේ නාග යන වාර්ගිකයන්ගේ දේශ සීමා හෝ වෙනත් ප්‍රශ්නයක්
පිළිබඳව පැන නැගුණු ගෝත්‍රික සටනක් නොවිය හැකිද ?ආසන්නයේම පිහිටි මේ
ස්ථාන දෙක ගැන සැලකීමේදී එය කිව හැකි ප්‍රශ්නයකි.කෙසේ හෝ මේ පිළිබඳව විද්‍යාත්මක
ගවේෂණයක් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් ඒ විෂය සම්බන්ධ ප්‍රවීණයන්ට අයත්
ඉතා වැදගත් කාර්යයක් බව අවධාරණයෙන් කිව යුතුය.
සෑම ප්‍රදේශයකම
පාහේ සංස්කෘතිය හා සභ්‍යත්වය ද ගොඩනැඟෙන්නේ එම ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් තුළින්
ගොඩනැඟෙන ආර්ථික රටාව මුල්කරගෙනය.එම ආර්ථික සම්පත් වලට පරිබාහිර අංග අනුගමනය
කරන්නට සූදානම් වන පුද්ගලයන්ට පාරිභෝගික භාණ්ඩ ඌනතාවය මුල්කොට මුල් කොට විවිධ
ගැටලුවකොට විවිධ ගැටලුවලට මුහුණ පාන්නට සිදුවෙයි එහිදී පුද්ගලයා විසින් කළ යුතු
යන්තම ක්‍රියාව නම් පරිසරයට අනුව තමන් සකස් වීම ය.
නාගදීප පුරාණ
විහාරය අප්‍රසිද්ධ පූජා භූමියක් ලෙස වර්තමානය දක්වා පවතින අතර මෙපමණ බොහෝ කාලයක්
එය රැක ගැනීම සිදු කරනු ලබන්නේ එයට අරක්ගත් නාගයන් විසින් බව විශ්වාස කළ
හැකිය.නමුත් එය නිවැරදිව ප්‍රකාශ කළ නොහැක.මා ද බොහෝ අවස්ථාවන්වල නාගදීප
විහාරස්ථානය වැද පුදා ගැනීමට ගිය අවස්ථාවන්හිදී නාගයන් කීප අවස්ථාවකදීම දැක
ඇත.නමුත් ඔවුන්ගෙන් කරදරයක් අප හට සිදු නොවුණ ද ඔවුන් විසින් මෙම පුණ්‍ය භූමිය
ආරක්ෂා කරන බව බොහෝ වන්දනාකරුවන් ගේ
සිතෙහි මවයි.
විවිධ වූ අද්භූත
බලවේගයන්ගෙන් සැදුම්ලත් පුරාවිද්‍යාත්මක බොහෝ වටිනාකම් වලින් යුක්ත වූ පෞරාණික
සිද්ධස්ථානයක් ලෙස නාගදීප විහාරය දැකගත හැකිය.එමෙන්ම කෙසේ හෝ මෙම විහාරස්ථාන පරිශ්‍රය
අදාළ පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු සිදු කිරීමෙන් හෙළයාගේ ඉතිහාසය පිළිබඳව
නිවැරදි මඟකට යොමුවිය හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ
Ø
බේරුවෙල ධම්මරතන
හිමි,2018,මහියංගණ නාගදීප පුජා භූමියේ ඉතිහාස්‍ය,241 බිබිල,රංජනි මුද්‍රණාලය
Comments
Post a Comment